IRCI ආයතනය විසින් SAC සමඟ සහයෝගයෙන් ක්රි යාකාරකම් අරඹයි.

 

ආසියා හා ශාන්තිකර කලාපීය අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා IRCI ආයතනය විසින් මහාචක්‍රී සිරින්ඩෝන් කුමරි මානව විද්‍යා මධ්‍යස්ථානය (SAC) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එකී ආයතන දෙක අතර වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අගෝස්තු මස 1 වෙනි දින පවත්වන ලද්දේ බැංකොක් නුවර පිහිටි SAC ගොඩනැඟිල්ලේ දී IRCI ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිසාකෝ ධනුකී මහතාගේ හා SAC ආයතනයේ අධ්‍යක්ෂ සුවන්නා ක්‍රියෙන්ක්‍රයිපෙට්චි යන අයගේ සහභාගීත්වයෙනි. කලාපයේ කෞතුකාගාර අතර සමීප සබඳතා ගොඩනංවමින් අනාගතයේ අන්නෝන්‍ය සහයෝගීතාවය පිළිබඳව ඔවුහු සවිස්තර ලෙස සාකච්ඡා කළහ. එහි ප්‍රථම පියවර වශයෙන් IRCI සහ SAC යන අයතන සම අනුග්‍රහයෙන් 2012 අගෝස්තු මස 6-10 දා දක්වා ලැම්ෆූන් නගරයේදී ආසියා ශාන්තිකර කලාපයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරී‍මේ ජාත්‍යන්තර ක්ෂේත්‍ර පාසැල් උපාධිධාරීන්ගේ සම්මන්ත්‍රණය සංවිධානය කෙරේ.  

 

 

(මෙම කාර්යය සැලසුම් කරන ලද්දේ පළමුවන IRCI පාලක සභා රැස්වීමේ දී IRCI මධ්‍යකාලීන සැලැස්මට අනුකූලව සිදුකෙරෙන ක්‍රියාකාරකම් පහසු කරලීම සඳහාය.)