ICH වීඩියෝ ලේඛනගත කිරීම සඳහා වූ ප්රයජාවගේ තරුණ චිත්රාපට නිෂ්පාදකයන්ගේ දෙවන වැඩමුළුව IRCI ආයතනය විසින් පවත්වන ලදී.

IRCI ආයතනය විසින් ICH  වීඩියෝ ලේඛනගත කිරීම සඳහා වූ ප්‍රජාවගේ තරුණ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ 2 වන වැඩමුළුව 2014 පෙබරවාරි මස 4-6 දා දක්වා ටෝකියෝ නුවර ජාතික කෞතුකාගාරයේ දී පවත්වන ලදී. ආසියානු රටවලින් 10 දෙනෙකු සහභාගී වූ එම වැඩමුළුව 2013 පෙබරවාරි මාසයේ සුරුවෝකා නගරයේ පැවැත්වූ ප්‍රජාවගේ ආරක්ෂක ක්‍රියාවන්ට මෙවලමක් වශයෙන් වූ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලේඛන ගත කිරීමේ වැඩමුළුවේ අනුගාමී වැඩමුළුවකි. අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා ලේඛනගත කිරීම පිළිබඳ විශේෂඥයන්ගේ දේශන ඇතුලත් වූ මෙම වැඩමුළුව 2013 දී සුරුඩ්කා හි වැඩමුළුවට සහභාගී වූ අය විසින් ඔවුන්ගේ ප්‍රජාවන් සම්බන්ධයෙන් සකස් කරන ලද ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛනගත කර ඊට සහභාගී වූ අය විසින් වර්ධනය ඉදිරිපත් කිරීම හා ඇගයීම ඇතුළත් විය.

IRCI ආයතනය විසින් එම ව්‍යාපෘතියේ අවසාන වාර්තාව 2015 පෙබරවාරි මස අවසායේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

(මෙම ව්‍යාපෘතිය පවත්වන ලද්දේ 2013 ඔක්තෝම්බර් මාසයේ පැවැති 2 වන පාලක මණ්ඩල රැස්වීම මඟින් අනුමත කළ වැඩ සැලැස්ම යටතේ ය.)